ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා තිබේ.
මෙය පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 555.6ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව ඩොලර් මිලියන 140.1ක සැලකිය යුතු වර්ධනයකි.
සමස්තයක් ලෙස මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා ලැබී ඇති සමුච්චිත විදෙස් ප්‍රේෂණ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 5,811.7ක් බව මහ බැංකුව පවසයි. පසුගිය වසරේ එම කාලය තුළ ලැබී තිබූ ඩොලර් මිලියන 4,843.8ට සාපේක්ෂව මෙය ඩොලර් මිලියන 967.9ක වර්ධනයකි.
තවද, සැප්තැම්බර් මාසයේදී සංචාරක ආදායම ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 182.9ක් උපයා ගෙන ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත්, වාර්තාවේ සඳහන් වන පරිදි වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා සංචාරක ආදායම ද ඩොලර් මිලියන 182.9ක් ලෙස දැක්වේ.