2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:37
නවතම පුවත්
අවුරුදු 88කට පසු හම්බන්තොටින් රාජපක්ෂ පවුල මැතිවරණ වලින් ඉවතට

අවුරුදු 88කට පසු හම්බන්තොටින් රාජපක්ෂ පවුල මැතිවරණ වලින් ඉවතට

හම්බන්තොට කියූ සැණින් දේශපාලනයේදී මුලින්ම කියැවෙන නම රාජපක්ෂය. එහෙත් වසර 88කට පසුව රාජපක්ෂ පවුලේ නියෝජනයක් නොමැතිව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඔවුන්ගේ දේශපාලන පක්ෂය වන පොහොට්ටුවද තරඟ කරනු ලැබේ.

මේවර පැවැත්වෙන මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) නායකත්වය දරන හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා විසින් මෙවර නාමයෝජනා භාරදී ඇත.

1963 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ අපේක්ෂකයෙක් ලෙස ඩී එම් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්තිර්ක්කයෙන් දේශපාලනය ආරම්භ කොට ඇති අතර ඉන් අනතුරුව ඩී ඒ රාජපක්ෂ, ලක්ෂමන් රාජපක්ෂ ජෝර්ජ් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ, සහ ශ්‍යාම්ලාල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වරින් වර මැතිවරණයන් සඳහා අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව ඇත.

හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන අතර ඔහු රාජපක්ෂ පවුලේ සමාජිකයෙක් නොවන බව ද සඳහන් වේ.

මෙවර මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් ලෙස නම්කොට තිබීමද විශේෂයකි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories