සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි-විස්ස (T20) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (ජූලි 13) රාත්‍රී 7.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අද තරගය ජයග්‍රහණය කිරීමෙන් ශ්‍රී ලංකාවට තරගාවලි ජය තහවුරු කර ගැනීමේ අවස්ථාව උදා වේ.