2025 අගෝස්තු 15 සිකුරාදා, 03:04
නවතම පුවත්

2050 දී පිළිකා රෝගීන්ගේ වැඩිවීමක්

2050 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක් අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කරයි.

ඒ පසුගියදා කොළඹ ගලධාරි හෝටලයේදි පැවැති ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (SRI LANKA COLLEGE OF ONCOLOGISTS) (SLCO) 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය – 2024 සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000 කට අධික සංඛ්‍යාවක්, මරණ 19,000 ක් සිදුව ඇති බවත් පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බවත්ය.

එසේම පිළිකා හේතුවෙන් ලොව පුරා වසරකට මිලියන 9.7 කට අධික පුද්ගල ජීවිත අහිමි වන බව ද ඔහු පැවැසීය.

එහිදී සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ පිළිකා රෝගය ගෝලීය සෞඛ්‍ය අභියෝගයන්ගෙන් එකක් ලෙස පවතින බවය.

සෞඛ්‍ය සේවාවේ නියමුවන් ලෙස ලෙස මෙම අභියෝගයට මුහුණදීමේ වගකීම ඇති බවත්, විශේෂයෙන් අප වැනි අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල පිළිකා රෝගය ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ද ඔහු පැවැසීය.

ගෝලීය වශයෙන්, සියලුම පිළිකා රෝග අතරින් සියයට 5 ත් 10 ත් අතර ප්‍රමාණයකට ජානමය දෝෂ හේතු වන අතර, පිළිකාවලින් සැලකිය යුතු කොටසක් 95% දක්වා දුම්කොළ, මධ්‍යසාර සහ පෝෂණය වැනි ජීවන රටා සාධක හේතු වන බවද ඔහු අවධාරණය කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories