ලොව ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor හි “Travelers’ Choice Best of the Best” සම්මානාවලියට අනුව, 2026 වසරේ ලොව හොඳම මධුසමය ගමනාන්ත 10 අතර 5 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගාල්ල නගරය සමත්ව ඇත. ලොව පුරා සංචාරකයන් විසින් ලබා දෙන ලද සැබෑ සමාලෝචන (Reviews) වල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය පදනම් කරගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කර තිබේ.
ගාල්ල නගරය මෙම ලැයිස්තුවට ඇතුළත් වීම විශේෂත්වයක් වන්නේ එය ඉතිහාසය සහ නව්‍ය අත්දැකීම් සොයන යුවළයන්ට කදිම නවාතැනක් වන බැවිනි. 16 වන සියවසේ පෘතුගීසීන් විසින් ආරම්භ කරන ලද ගාල්ල කොටු පවුර, එහි ඇති ගල් ඇතිරූ වීදි සහ පැරණි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණයට ලක්ව ඇත. මීට අමතරව, ගාල්ල අවට පවතින සුන්දර වෙරළ තීරයන් සහ මුහුදු මට්ටමේ සිට අඩි 50ක් ගැඹුරින් පිහිටි මෙරට ප්‍රථම දිය යට කලාගාරය (Underwater Sculpture Museum) නැරඹීමට ද සංචාරකයන්ට අවස්ථාව හිමි වේ.
මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථාන 10 මෙසේය:
බාලි, ඉන්දුනීසියාව (පළමු ස්ථානය)
මුරුසිය
මාලදිවයින
ශාන්ත ලුසියා
ගාල්ල, ශ්‍රී ලංකාව
හියු, වියට්නාමය
නැපා නිම්නය, කැලිෆෝනියා
පොසිටානෝ, ඉතාලිය
වටමු, කෙන්යාව
ඇන්ටිගුවා