2026 මාර්තු 20 සිකුරාදා, 12:51
නවතම පුවත්

2025 අල්ලස් නඩුවලින් රජයට ලක්ෂ 30 ක ආදායමක්

අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් පවරන ලද නඩුවලින් මෙම වසරේදී රජය රුපියල් ලක්ෂ 30 කට ආසන්න ආදායමක් උපයාගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 2025 ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලසීමාව තුළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවලින් පමණක් රුපියල් විසිඅටලක්ෂ දහනවදහසක මුදලක් රජයට ලැබී තිබේ.

අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ අදාළ අධිකරණ මගින් වැරදිකරුවන් වූ විත්තිකරුවන්ට එරෙහිව පනවන ලද දඩ මුදල්, වන්දි මුදල් සහ දණ්ඩන මුදල් මෙලෙස රජයේ ආදායම් ලෙස බැර වී ඇති බවයි. දූෂණ මර්දන ක්‍රියාවලිය ශක්තිමත් වීමත් සමඟ වංචනික ක්‍රියාවල නිරත වූවන්ගෙන් මෙලෙස රජයට අයවිය යුතු මුදල් අයකර ගැනීමට හැකි වී තිබේ.

වාර්තා වී ඇති දත්තවලට අනුව මෙම වසරේ නොවැම්බර් මස 30 වැනිදා දක්වා කාලය තුළ අල්ලස් ලබා ගැනීම, දූෂණය, අයුතු වත්කම් ඉපයීම සහ මුදල් විශුද්ධිකරණය වැනි වරදවල් සම්බන්ධයෙන් විත්තිකරුවන් 126 දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු 95 ක් පවරා ඇත. මෙය පසුගිය කාලසීමාවන්ට සාපේක්ෂව නඩු පැවරීමේ ඉහළ අගයක් ගන්නා බව විමර්ශන අංශ පෙන්වා දෙයි.

මේ වන විටත් මහාධිකරණය, මහෙස්ත්‍රාත් අධිකරණය සහ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් මෙහෙයවනු ලබන නඩු 287 ක් විභාග වෙමින් පවතී. එම නඩු ඉදිරියේදී විභාග කර අවසන් කිරීමත් සමඟ රජයට තවදුරටත් විශාල මුදලක් දඩ වශයෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. අල්ලස් කොමිසම පවසන්නේ දූෂණයට එරෙහි මෙහෙයුම් ඉදිරි වසරේදී තවදුරටත් දැඩි කරන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories