විස්සයි විස්ස අවසන් තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ අතර අද (07) පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි–20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ජයගත්තාය. ඒ අනුව ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කර ඇත. පෙර පැවති තරග දෙකින් දෙපාර්ශවයම එක් තරගයක් බැගින් ජයගත් බැවින්, මෙම තරගයේ ජය ගන්නා කණ්ඩායමට ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හැකි වේ. අද […]
ජපන් අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙයි !

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා තම අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ අද (07) වන දිනයේදීය. එමඟින් ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය නව දේශපාලන අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව විදෙස් වාර්තා සඳහන් කරයි. තම පාලක පක්ෂය තුළ ඇති විය හැකි ගැටුම් සහ භේදතා තරමකින්වත් වැළැක්වීම සඳහා මෙය […]
ලොකු ලූණු මිල පහළට !

දේශීය ලොකු ලූණු කිලෝග්‍රාමයක තොග මිල රුපියල් 100 දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ. ආනයනික ලොකු ලූණු වෙළෙඳපළ මිල ඒකාධිකාරී ලෙස පාලනය කරන බව ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරණ මහතා පැවැසීය. 2025 යළ කන්නයේ දේශීය ලොකු ලූණු අස්වැන්න වෙළෙඳපළට ගෙන ආවත්, මිල ස්ථායී කිරීමට ආණ්ඩුව මැදිහත්ව නැති බවත් එය ආණ්ඩුවට එරෙහි චෝදනාවක් […]
විජිත හේරත් ජිනීවා මානව හිමිකම් සමුළුවට යයි !

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) උදෑසන 6.45ට පමණ ජිනීවා බලා පිටත් වී ඇත. ඒ, හෙට (08) දිනයේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 6 වන සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම සඳහාය. මෙම සැසියේදී අමාත්‍යවරයා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත අතර, සංචාරය අතරතුර […]
විදේශ සේවා ප්‍රේෂණය හා සංචාරක ඉපැයීම් 2025 දී වැඩි වීමක් !

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව, 2025 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 680.8ක් ලැබී ඇත. මෙය 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා මුළු ප්‍රේෂණය ඇමරිකානු ඩොලර් බිලියන 5.116ක් බවට පත්වන අතර, පසුගිය වසරට සාපේක්ෂව සැසඳිමේ දී 19.3%ක වැඩි වීමක් දක්වයි. එමඟින් විදේශ සේවා ප්‍රේෂණය ශ්‍රී ලංකා ආර්ථිකයට […]
හොරණ පුද්ගල ඝාතනයක් !

හොරණ කබල්ලගොඩ ප්‍රදේශයේ දී සිදු වූ ආරවුලක් අවසානයේ 66 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇත. මියගොස් ඇත්තේ කබල්ලවත්ත, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, අදාළ පුද්ගලයා අසල්වැසි නිවසක මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ තර්කයක් උග්‍ර වීමෙන්, එම නිවසේ පදිංචි පුද්ගලයෙක් ආයුධයකින් පහර දී ඝාතනය සිදු කර ඇති බවය. හොරණ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා […]
අද රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් !

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 85 කට අද (07) පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව උදාවේ. ඒ, අද රාත්‍රී 8.58 සිට හෙට (08) අලුයම 2.25 දක්වායි. 2028 දක්වා යළි මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමට ලාංකිකයින්ට අවස්ථාව හිමි නොවුණු ඇත.
දෙවන විස්සයි විස්ස ජය සිම්බාබ්වේට !

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරඟය ඊයේ දිනයේ දී පැවැත්විණි. මෙහිදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අවසන් වූයේ සියලු දෙනා දැවී ලකුණු 80ක් රැස් කරමින් ය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු පහක් දැවී ලකුණු 85ක් සම්පූර්ණ කරමින් තරගයේ […]