2025 උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය සඳහා දිනයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බැවින්, මහනුවර පූජනීය නගරය අපේක්ෂාවෙන් පිරී ඉතිරී ගොස් තිබේ.
සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25 වනදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරෙන බවයි,දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මහනුවර ඇසළ පෙරහැර වීදී සංචාරය කරන දින වකවානු දැනුම්දීම සහ ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (19) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවැති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.
දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30 වනදා වීදී සංචාරය කෙරේ.
දියවඩන නිලමේවරයා කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 වනාද ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන බව පැවසීය.
අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.
හීලෑ අලි ඇතුන් අවමවීම පෙරහැර පැවැත්වීමට විශාල වශයෙන් බලපාන ගැටලුවක් බවයි,මෙහිදී දියවඩන නිලමේ සහ සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන් සඳහන් කළේ.
මීට වසර කිහිපයකට පෙර 200ක්ව සිටි මෙරට හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව මේ වනවිට 90ක් දක්වා පහත වැටී ඇති බවද අනාවරණය කෙරුණි.