2025 අගෝස්තු 15 සිකුරාදා, 00:07
නවතම පුවත්

2024 සා/පෙළ විභාගය මාර්තු මාසයේදී

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි 27 වැනිදා ආරම්භවීම හේතුවෙන් එලෙස නියමිත දින ගණනට පාසල් පැවැත්වීමට නොහැකි වන බව එම අමාත්‍යාංශය පැවසුවේ ය.

පාසල් වාර සටහන සම්බන්ධයෙන් 1997 අගෝස්තු මාසයේ නිකුත් කර ඇති චක්‍රලේඛනයට අනුව වර්ෂයකට දින 210 ක් පාසල් පැවැත්විය යුතු වෙයි.

කෙසේ වෙතත් ලබන වසරේදී රජයේ හා රජයේ අනුමත සියලුම පාසල් හා අනුමත පිරිවෙන් පැවැත්වීමට හැකිවන්නේ දින 181 ක් පමණක් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය.

ලබන වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි 27 වැනිදා සිට අප්‍රේල් 11 වැනිදා දක්වා පැවැත්වෙයි.

2024 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය.

රජය මගින් ප්‍රකාශිත ප්‍රසිද්ධ නිවාඩු දින, ඉරිදා හා වාර නිවාඩු කාලයන්හි සියලුම පාසල් වසා තැබෙන බවත් සුවිශේෂී හේතුවක් මත පාසල් පැවැත්විය යුතු දිනයක පාසල වැසීමට සිදුවුවහොත් එම දින සඳහා හිලව් සැසි පැවැත්වෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන ලදී.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories