ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම සඳහා නව දක්ෂයින් තේරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17 න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලිය අද (20) ගාල්ලේදී ආරම්භ විය.
මෙවර තරගාවලියට කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, මහනුවර සහ ගාල්ල කණ්ඩායම් 5 ක් සහභාගි වන අතර, ලීග් ක්‍රමය යටතේ ක්‍රීඩා කිරීමට නියමිතය.
මුලික වටයේ තරග අගෝස්තු 27 වැනිදා සමත් වන අතර සෑම කණ්ඩායමක්ම තරග 4 බැගින් ක්‍රීඩා කරයි. අවසන් මහ තරගය අගෝස්තු 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙයට අමතරව තරග සඳහා භාවිතා කරන තවත් ක්‍රීඩාංගණය වනුයේ කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණය ය.