2025 අගෝස්තු 15 සිකුරාදා, 03:07
නවතම පුවත්

13 හැවිරිදි සූර්යවංශි IPL වෙන්දේසියේ කෝටි ගානකට විකිණෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සමත්ව ඇත.

සෞදි අරාබියේ ජෙඩා නුවරදී ඊයේ (25) පැවැති අයි.පී.එල් වෙන්දේසියේදී වෛභව් සූර්යවංශිව ඉන්දීය රුපියල් කෝටි 1.1 කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවේය.

අවුරුදු 13 දින 243 ක් වයසැති වෛභව් සූර්යවංශි මිලදී ගැනීම සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායාම සහ රාජස්ථාන් ‌රෝයල්ස් ලංසු යුද්ධයකට එළැඹි අතර අවසානයේදී ඉන්දීය රුපියල් කෝටි 1.1 ක මුදලකට සූර්යවංශි අලෙවි විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වූ ළාබාලතම ක්‍රීඩකයා වන්නේද වෛභව් සූර්යවංශිය.

සයෙඩ් මුෂ්ටාක් අලී කුසලානයේදී සිය පළමු පෙළ මංගල එක්දින ක්‍රීඩා තරඟය ක්‍රීඩා කරමින් වෛභව් සූර්යවංශි ක්‍රිකට් පිටියට අවතීරණ විය. එහිදී ඔහු බිහාර් කණ්ඩායමේ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළේ. පළමු පෙළ මංගල එක්දින තරඟය ක්‍රීඩා කර දින දෙකකට පසු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබීමත් සමග සියලු දෙනාගේම අවධානය අවධානය වෛභව් සූර්යවංශි වෙත යොමු වූවේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories