චීනයෙන් ඇමෙරිකාවට සිදුකරන අපනයන සඳහා ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි 100%ක අතිරේක තීරුබද්දක් පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව වාර්තා වේ.
සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය ඛනිජ වර්ග සඳහා චීනය දැඩි අපනයන පාලනයක් පැනවීම මෙම තීරණයට හේතුව බවයි.
චීනය පසුගිය අප්‍රේල් මාසයේදී තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය වන ඛනිජ වර්ග 7ක් සඳහා අපනයන සීමා පනවා තිබුණි. ඊට අමතරව, තවත් ඛනිජ වර්ග 5ක් සඳහා අපනයන සීමා දැඩි කරන බවට චීනය පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබේ.
චීනයේ මෙම නව තීරණයට ප්‍රතිචාර දක්වමින්, දැනට පනවා ඇති තීරුබදුවලට අමතරව තවත් 100%ක අතිරේක තීරුබද්දක් පනවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.