2026 වසරේ සිට අදියරෙන් අදියර ඉදිරි ප්‍රතිසංස්කරණ සිදුවන බවත්, සාම්ප්‍රාදායික ඉගෙනුම් ක්‍රියාවලිය දෙස බලා විනාඩි 50 කාලපරිච්ජේද විවේචනය නොකරන ලෙසත් ,ගුරු හිඟය විසඳීමට නිවැරදි ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මෙන්ම ගුරු තුළනය නිසි ලෙස ඉටු කළ යුතු බවත් වැඩි දුරටත් කියා සිටියා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සබරගමුව පලාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට සම්බන්ධ වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පවසා සිටියා.
මේ වනවිට කාලපරිච්ඡේදය විනාඩි 50ක් දක්වා දීර්ඝ කිරීම ගැන යම් විවාදයක් මතු කරමින් තිබෙන බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා හඳුන්වාදෙන්නේ ගුරුවරු කතා කරන දරුවන් අහගෙන ඉන්න ක්‍රමය නොවන බවත් ප්‍රායෝගිකව දරුවන් සහභාගී කරවන ක්‍රමවේදයක් හඳුන්වාදෙන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.