වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව, 0.55% කින් අඩු වූ බස් ගාස්තුව අද (ජූලි 4) සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි.
කෙසේ වෙතත්, මෙම ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35, සහ රුපියල් 45 ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බව සඳහන් වේ.
මෙම බස් ගාස්තු අඩුවීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා මෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම බස් රථ සඳහා අදාළ වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.