ගාල්ලේ හා හම්බන්තොටදී ආරම්භ කෙරුණු 2025 NSL ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගෙන තිබූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් ආපසු හරවා යවා ඇත.
මේ අතර ලහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය වැනි ටෙස්ට් ක්‍රීඩකයන්ද සිටීම විශේෂත්වයකි.
මොවුහු කි.මී 2 දිවීම හෝ ස්කින් ෆෝල්ඩ්ස් අසමත් වූවෝ වෙති.
මෙම තරගාවලිය මෙවර පවත්වන්නේ වෙන වසර වලට වඩා වියදම් කපා හැර බවද වාර්තා වේ.
ඒ ක්‍රිකට් ආයතනයට මේ වසරේ ජාත්‍යන්තර තරග අඩු වීම නිසා ලැබෙන ආදායම අඩු වීම නිසා බව කියවේ.