2025 අගෝස්තු 15 සිකුරාදා, 04:39
නවතම පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සොහොන් ගෙය හෙට සිට බැතිමතුන්ට නැරඹීමේ අවස්ථාව

ලෝකවාසී බිලියන 1.4ක කතෝලික ජනතාවකගේ ජීවමාන නායකයාව සිටි ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු වතිකානයේ වේලාවෙන් අද(26) පෙ.ව. 10.00ට ආරම්භ විය.

ඒ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ එළිමහන් පරිශ්‍රයේදී ය.

අවමංගල්‍ය දේව මෙහෙය වතිකානයේ ප්‍රමුඛතම නිලයක් වන කැමර්ලින්ගෝ නිලය හොඹවන අතිඋතුම් කාදිනල් කෙවින් ෆ්‍රැරල් විසින් මෙහෙයවනු ලැබේ.

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලනියා, යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි, බ්‍රිතාන්‍ය විලියම් කුමරු, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ස්පාඤ්ඤයේ හයවන ෆෙලිපේ රජු සහ බ්‍රසීලයේ ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ඇතුළු තවත් රාජ්‍ය නායකයන් රැසක් අවමංගල්‍ය උත්සවය සඳහා පැමිණ ඇතැයි වාර්තාවේ.

එසේම සිය ආදරණිය නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ ගණනක කතෝලික බැතිමතුන්ද වතිකානයට එක් රොක් වී තිබේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් පරිදි රෝමයේ ශාන්ත මරියා මජ්ජෝරේ බැසිලිකාවේ උන්වහන්සේගේ සොහොන නිර්මාණය කර ඇත.

ඉතාලියේ ලිගුරියා ප්‍රදේශයෙන් රැගෙන ආ කිරිගරුඬ වලින් සාදන ලද එහි ඇත්තේ “FRANCISCUS” යන නාමය සහ එතුමාගේ පෙක්ටෝරල් කුරුසයේ (බෙල්ලෙහි පැලද සිටි මාලයේ පෙන්ඩනය) ප්‍රතිනිෂ්පාදනය පමණි.

පාප්තුමාගේ සුසාන භූමිය, ශාන්ත ෆ්‍රැන්සිස්ගේ අල්තාරය අසල, පෝලීන් දේවස්ථානය (සාලස් පොපුලි රොමානි දේවස්ථානය) සහ ස්ෆෝර්සා දේවස්ථානය අතර, ශාන්ත මේරි මේජර් බැසිලිකාවේ පැති ගර්භය දිගේ සකස් කර ඇත.

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ සොහොන් ගෙය හෙට(27)සිට බැතිමතුන්ට නැරඹීම සඳහා විවෘත කෙරෙන බව වතිකානය සදහන් කරයි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories