2026 මාර්තු 24 අඟහරුවාදා, 21:34
නවතම පුවත්

හොර ඔප්පු කේස් එකට -ඇමැති වසන්තගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගනී

දෙහිවල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් බදුදීමට ව්‍යාජ ඔප්පුවක් භාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වංචා විමර්ශන කාර්යාංශය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණද, අපරාධ වරදක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගෙන ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දන්වා ඇත.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කිසල් සේනානායක සමඟ පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයට දන්වා සිටියේ, සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස මීට පෙර අධිකරණ නියෝගයක් ලබාදී තිබියදීත් විමර්ශන සංකීර්ණ කිරීම සඳහා වංචා විමර්ශන කාර්යාංශය නීතිපති උපදෙස් ලබාගෙන ඇති බවයි.

මීට පෙර පොලිසිය ඉදිරිපත් කළ ‘බී වාර්තාවට’ අනුව අපරාධ වරදක් සිදුවී ඇති බවත්, ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයට පවසා තිබේ.

අගතියට පත් පාර්ශ්වයේ ස්ථාවරය සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත් ඒ.ඩී.චතුරිකා, මීළඟ නඩු විභාගය මාර්තු 21 වැනිදාට නියම කළාය.

මෙම නඩුව විභාග වන්නේ ජාතික කම්කරු ආයතනයට අයත් වෘත්තීය සමිතියට අයත් දෙහිවල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් බදුදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

වංචා විමර්ශන කාර්යාංශය විසින් මීට පෙර නියෝජ්‍ය කම්කරු අමාත්‍ය සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහ ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ ලබාදීම සඳහා කැඳවා තිබූ අතර, ඔප්පුවේ එම දේපල රුපියල් මිලියන 3.6 කට බදු දී ඇති බවට සඳහන් කර ඇත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories