2026 මාර්තු 24 අඟහරුවාදා, 19:26
නවතම පුවත්

හොරු අල්ලන්න ඇමරිකාව ආණ්ඩුවට සහයෝගය දෙනවලු

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙන ඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙළට තාක්ෂණික සහාය ලබාදීමටද සූදානම් බවයි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට අමෙරිකානු රජය සූදානම් බව ද සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක හා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු අතර ජනාධිපති කාර්යාලයේදී අද (07) පැවති හමුවේදී මේ කරුණු ප්‍රකාශ වී තිබේ.

දේශපාලන, ආර්ථික හා සමාජීය කාරණා සම්බන්ධ ප්‍රමුඛතා හඳුනාගනිමින් නව රජය ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී අමෙරිකානු රජයේ ඇගයීමට ලක්ව තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ දූෂණ සහ නාස්ති කිරීම සම්බන්ධයෙන් දේශපාලන සංස්කෘතිය සෘජුව බලපා තිබෙන බවත් නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම තුළින් දූෂණය සහ නාස්ති අවම කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට වැඩසටහන් ආරම්භ කර ඇති බවත් නවීන තාක්ෂණය රාජ්‍ය සේවයට හඳුන්වාදෙමින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් USAID ආසියාවේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර්, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් , USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ගෙබ්බ්‍රියල් ග්‍රාව්, දේශපාලන හා ආර්ථික කටයුතු පිළිබඳ උපදේශක ෂෝන් ග්‍රේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories