2025 අගෝස්තු 16 සෙනසුරාදා, 06:00
නවතම පුවත්

හොරකම-දූෂණ නිසා ශ්‍රී ලංකාවට අරමුදල් ලබාදීම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අත්හිටුවයි

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල් වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ පවතින දීර්ඝ කාලින අභ්‍යන්තර ආරවුල් සහ සදාචාරාත්මක ගැටළු ගැටළු හේතුවෙන් මෙලෙස අරමුදල් අත්හිටුවන බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ලිඛිතව දැනුම්දී තිබේ.

“මෙම අභ්‍යන්තර ආරවුල් සහ සදාචාරාත්මක ගැටළු, විශේෂයෙන් ඔබේ ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් මතු කරන ලද ඒවා, තවමත් ඔබේ ජාතික ඔලිම්පික් කමිටුවේ විසින් නිසි ලෙස විසඳා ගෙන නොමැති බව අපට වැටහේ” යැයි ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධතා, ඔලිම්පික් සහයෝගිතා සහ Olympism365 IOC හි අධ්‍යක්ෂ James Macleod, විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේන්ද්‍රන් සුබ්‍රමනියම්ට වෙත යොමුකරන ලද ලිපියේ දැක්වේ.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

“ඔබගේ ජාතික ඔලිම්පික් කමිටුවේ විශ්වසනීයත්වය සහ කීර්තිනාමය බරපතල ලෙස කැළැල් කර ඇති මෙම අතිශය කණගාටුදායක තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අතර, ඔබේ ජාතික ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර පාලනය සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බොහෝ අවිනිශ්චිතභාවයන් සහ සැකයන් ඇති කරමින් තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔලිම්පික් ශිෂ්‍යත්වවලින් ප්‍රතිලාභ ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෘජු ගෙවීම් හැර, තවදුරටත් ඔබේ ජාතික ඔලිම්පික් කමිටුව වෙත කිසිදු ගෙවීමක් කළ නොහැකි බව ඔබට කනගාටුවෙන් දැනුම්දෙමු.”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories