2025 අගෝස්තු 15 සිකුරාදා, 01:53
නවතම පුවත්

හේෂා රත්නපුරෙන් දමිතාව ඉවත් කළේ ඇයි?

මැතිවරණයට තරග කිරීම සඳහා තමන්ව යෝජනා කළ පුද්ගලයා ම තමාට එරෙහිව කටයුතු කර ඇති බව රංගන ශිල්පිනි දමිතා අබේරත්න පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, අද (ඔක්. 11) මාධ්‍ය අමතමින් ය.

“හේෂා විතානගේ සහෝදරයා මගෙන් ඉල්ලීමක් කළා. දමිතා අක්කේ ඇයි ඔයා රත්නපුරයෙන් ඉල්ලන්නේ නැත්තේ? මං කිව්වා. මං එහෙම කල්පනා කරලා නෑ කියලා. මම කොහෙන්හරි ඉල්ලනව ද කියලවත් හිතලා තිබුණේ නැහැ. ඔහු මට කිව්වා. නෑ අක්කේ මං ඔයාව මෙහෙන් දාන්නම්, මෙහෙ කාන්තා නියෝජනයක් නැහැ කියලා. එතුමාගේ වචනවලින් කිව්වොත් දැන් තලතා අතුකෝරල මහත්මියත් අයින් වෙලා ඉන්නේ. ඉතින් අක්කා වගේ එක්කෙනෙක් අවොත් අපිට හොඳයි. අපිට යම්කිසි වැඩක් කරන්න පුළුවන් කිව්වා. ඉතින් ඒකට මං විරෝධතාවය දැක්වුයේ නෑ. මං කිව්වා මල්ලි යෝජනා කරනවනම් මං ඉදිරිපත් වෙන්නම් කියලා”

තමාගේ නම රත්නපුර නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බව ත් ඒ හේතුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ත් රංගන ශිල්පීනි දමිතා අබේරත්න සඳහන් කළේ ය.

“අධිකරණ ක්‍රියාමාර්ගයකට මම යනවා. මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පැහැදිලිව ම සිදුවෙලා තියෙනවා”

මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කළේ, රත්නපුර දිස්ත්‍රික්කයට වෙනත් දිස්ත්‍රික්කයකින් ආනයනය කරන අය අවශ්‍ය නොවන බව ය.

“අපි රත්නපුර දිස්‌ත්‍රික් කණ්ඩායමට ජාතික තලයේ අපිට කොච්චර හයියක් දුන්නත් අපි පිටින් මේ දිස්ත්‍රික්කයට ආනයනය කරන අපේක්ෂකයෝ නොදනවා කියලා තීරණය කළා. අපි තීරණය කළා. ඒ නිසා අපි රත්නපුරේ ඉපදුණ රත්නපුර සමග රත්නපුරයේ ජනතාවත් සමග බද්ධ වෙලා ඉන්න කණ්ඩායමක් විදියට තමයි සමගි ජන බලවේගය කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය භාර දුන්නා කියලා”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories