මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
අද පස්වරු 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ එම විරෝධතාවයේ නිරත වන බව එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
මෙම විරෝධතාවයෙන් රෝහල් කටයුතුවලට බාධා නොවන බව ද නාලක හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.