2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:02
නවතම පුවත්

හූති කැරලිකරුවන් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පුපුරුවයි

රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ප්‍රහාරයට ලක්වූ ග්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාව පුපුරවා හැරීමට හූති කැරළිකරුවන් කටයුතු කර තිබේ.

ඒ වනවිට එම යාත්‍රාවේ ඉන්ධන බැරල් මිලියනයක් පමණ ප්‍රවාහනය කරමින් තිබුණි.

හූති කැරළිකරුවන් විසින් එම යාත්‍රාවට අගෝස්තු 21 වනදා පළමුවෙන් ප්‍රහාරයක් එල්ල කළ අතර පසුව එහි කාර්ය මණ්ඩලය නෞකාවෙන් ඉවත් විය. 

හූති කැරළිකරුවන් නිකුත්කළ වීඩියෝවක දැක්වෙන්නේ එම නෞකාවට පුපුරණ ද්‍රව්‍ය අටවා දුරස්ථ පාලකයක් ක්‍රියාත්මක කර නෞකාව පුපුරුවා හරින ආකාරය යි.

මේ අතර යේමනයේ හුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලයට තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව සඳහන් ය.

ඒ තම සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව සන්නද්ධ මෙහෙයුමක් දියත් කිරීමට සුදානම් වන බව පවසමිනි.

යේමනයේ හූති කැරලිකරුවන්ගේ  නායකයා විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල් සතුරාට එරෙහි ප්‍රතිචාරයක් සඳහා අපගේ සූදානම දිගටම සිදුකරමින් සිටින බවත් සතුරා පුදුමයට පත් කිරීමට සුදානම් බවත් හුති නායක අබ්දෙල්-මලෙක් අල්-හූති පවසා ඇත.

පසුගිය සතියේදී ඊශ්‍රායලයට හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ද හුති නායකයා සතුට පළකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කෙරෙයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories