2025 අගෝස්තු 17 ඉරිදා, 11:00
නවතම පුවත්

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනාගේ විරෝධතා නඩුව නීතිපති උපදෙස් එනතුරු කල් යයි!

කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනාට අදාළ නඩුව, අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දෙසැම්බර් මස 08 වන දින යළි කැඳවන ලෙස නියම කළා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව, පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය, එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසට පොලිසියට නියෝග කළා.

මෙම පැමිණිල්ල පොලිසිය විසින් ඉදිරිපත් කර ඇත්තේ, 2023 වසරේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල මං මාවත් අවහිර කරමින් වීදි නාට්‍යයක් පැවැත්වීමට කටයුතු කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීමට අදාළවයි. මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නීතිපතිවරයාගේ උපදෙස් මත රඳා පවතිනු ඇත.

නවතම පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

උණුසුම් පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories