2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:43
නවතම පුවත්

හිරුණිකාට වරෙන්තු

පොලිස් පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (10) පෙරවරුවේ වරෙන්තු නිකුත් කළ අතර පසුව එය ආපසු කැඳවීමට නියම කළාය.

අධිකරණ කටයුතු පෙරවරු 9.30 ට ආරම්භ වන බැවින් නියමිත වෙලාවට අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බවට අවවාද කරමින් මහේස්ත්‍රාත්වරිය විසින් මෙලෙස නියෝග කෙරිණි.

සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥවරු මාර්ගයෙන් අද පෙරවරුවේ මෝසමක් ගොනුකරමින් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව එසේ වරෙන්තු ආපසු කැඳවනු ලැබීය.

පොලිස් පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීථි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කළ බව කියන සිද්ධිය ඇතුලු සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් පනවා ඇති නඩුව අද දින අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,කාන්තාවන් 13 දෙනෙකු සහ පුද්ගලයකු අධිකරණය පෙනී සිටීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ කුරුඳුවත්ත පොලිසිය සඳහන් කර සිටියේ විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයා සඳහා යවා ඇති බවද අධිකරණයට දැනුම් දුන්නේය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories