කැනඩාවේ, ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවීමෙන් නියමුවන්ට එය පාලනය කර ගැනීමට නොහැකිව ගුවන් පථය තුළ පෙරළී ගොස් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 76 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු සිට ඇති බව වාර්තා වූ අතර අනතුරින් ගුවන් යානයේ සිටි මගීන් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.
ඩෙල්ටා ගුවන් සේවයට අයත් අදාළ යානය කැනඩාවේ මිනියාපෝලිස් ගුවන් තොටුපොළේ සිට ටොරොන්ටෝ – පියර්සන් ගුවන් තොටුපොළ දක්වා ගමන් කර තිබු බව සඳහන්ය.