2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:35
නවතම පුවත්

හිටපු සුරාබදු කොමසාරිස්ට එරෙහි පෙත්සමට දින

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවූ හිටපු සුරාබදු කොමසාරිස් ඒම්.ජේ. ගුණසිරි ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මැයි මස 29 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම අද (07) අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් නියම කරන ලෙස දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි මස 29 වනදා කැඳවන ලෙසයි .

බලපත්‍රලාභී මත්පැන්හල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් කියා සිටින්නේ පසුගිය රජය සමයේ පවතින නීතියට පටහැනි ලෙස මත්පැන්හල් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බවය.

එය උල්ලංඝනය කරමින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories