හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන ජූලි 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි.
මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය හමුවට අද (14) දින ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන් බව “අද දෙරණ අධිකරණ” වාර්තාකරු සඳහන් කළා.
මෙහිදී ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමද මහෙස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.