අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.පී.බී ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ඔහු සිය නිවසේ නානකාමරය තුළ ඇද වැටී මියගොස් සිටි බවයි.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 76 කි.
අනුරාධපුර බටහිර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස දිගු කලක් කළ ඔහු මහින්ද රාජපක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළේ ය.