2025 අගෝස්තු 15 සිකුරාදා, 19:17
නවතම පුවත්

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට වෙන්කරන මුදල පොලිස් රෝහලට අවුරුද්දකට වෙන්කරන මුදලටත් වඩා වැඩියි – ඇමැති විජිත කියයි

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව අඩුකර ඇති බවට මෑතක ඇතැම් පාර්ශව පළකර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්, මෙතෙක් එවැනි පියවරක් ගෙන නොමැති බවත් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් කියාසිටියේය.

සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය හේරත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවත්, වාර්තාවක් ලැබුණු පසු කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත්ය.රජය මේ සම්බන්ධයෙන් සාධාරණව සළකා බලා තීරණයක් ගන්නා බවත්, හිටපු රාජ්‍ය නායකයන්ට අවශ්‍ය ආරක්ෂක තොරතුරු පමණක් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආරක්‍ෂාව අඩුකර ඇති බවට පසුගියදා කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය හේරත් කියාසිටියේ, එවැනි තීරණයක් ගෙන නොමැති බවත් ඇයගේ ප්‍රකාශ අසත්‍ය බවත්ය.මේ වන විට 57 දෙනකුගෙන් යුත් ආරක්ෂක ඛණ්ඩයක් ඇයට සපයා ඇති බව ඔහු අනාවරණය කළේය.

හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂක නිලධාරීන් 100කට අධික සංඛ්‍යාවක් මෙන්ම විවිධ වාහන සහ ගිලන්රථද ලබාදී ඇති බවද රජයේ ප්‍රකාශකවරයා පෙන්වාදුන්නේය.

රජයට මෙම සේවාව(හිටපු ජනාධිපතිවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීම) පවත්වාගෙන යෑමට වාර්ෂිකව රුපියල් මිලියන 1,100ක් වැයකරන බවත්, එම ප්‍රතිපාදන ප්‍රමාණය පොලිස් රෝහලට වාර්ෂිකව වෙන්කරන ප්‍රතිපාදන ප්‍රමාණයට වඩා වැඩි බවද ඇමැතිවරයා පෙන්වාදුන්නේය.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති ආරක්‍ෂාව වෙනස්විය යුතු බව රජයේ අදහස බව අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories