පාස්කු ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටු පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් නිකුත් කර තිබෙනවා.
එම ලිපියේ දැක්වෙන්නේ පාස්කු ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට තමන් කමිටු පත් කළේ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ගෙන් පළි ගැනීමට හෝ ඔවුන් පිලිබඳව විභාග කිරීමට නොවන බවය.
එම කමිටුවලට පත් කිසිවෙකුත් තමන් පෞද්ගලිකව නොහඳුනන බවත් , එම කමිටු සදහා නිතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා දීමට ද කටයුතු කළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ලිපියෙන් පවසයි.