විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සපයා තිබූ පහසුකම් පිළිබඳ සොයා බැලීමට වත්මන් රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් හෝ වෙනත් අමාත්‍යාංශයක් විසින් අනුයුක්ත කර ඇති වාහන සංඛ්‍යාව ද සොයා බැලේ.
එමෙන් ම, එක් එක් ආරක්ෂක කොට්ඨාස සඳහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක නිලධාරීන් ගණන ද විමසා බැලෙනු ඇත.
එම ආරක්ෂක කොට්ඨාස සඳහා කුලී පදනම මත ගොඩනැගිලි ඇත්නම් වැය වන මාසික කුලිය සහ සපයා ඇති වෙනත් පහසුකම් සම්බන්ධයෙන් සොයා බැලෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති කමිටුව විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කර ඇතැයි ද වාර්තා වේ.