2025 අගෝස්තු 16 සෙනසුරාදා, 18:22
නවතම පුවත්

හිටපු ඇමති මනුෂගේ දේපළ රාජසන්තක කරන්නැයි ඉල්ලීමක්

කම්කරු හා විදේශ සේවා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විදේශ රැකියා ලබාදීමේදී අයථා මුදල් උපයා ඇති බවට එල්ලවන චෝදනා හේතු කරගෙන ඔහුගේ වත්කම් සොයා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලික් ගොනුකරනු ලැබීය.

මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ සේවා අමාත්‍ය ධූරය අවභාවිත කොට විදේශ රැකියා ලබාදීමේ දී ජනතාවගෙන් නීතීවිරෝධීව මුදල් උපයා ඇති බවත්, ඔහුගේ සහෝදරයා විදේශ සේවා අමාත්‍යාංශයේ අමාත්‍ය ලේකම්වරයකු වශයෙන් සේවය කළ අතරතුර දී වංචනිකව විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කර ඇති බව සහ ඔහුගේ ගිණුම් වල කෝටි 27 ක් මුදලක් ඇති බව අනාවරණය වී ඇති බව ද අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමනත තුෂාර පවසයි.

මනූෂගේ සහෝදරයා දැනට රක්ෂිත බන්ධනාගාරතව සිටින අතර, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මේ සඳහා ඝෘජු දායකත්වය ලබා දී ඇති බව සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත් මගින් මේ පිළිබඳව රටේ ජනතාවට අවබෝධ වී ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

එමනිසා මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයාගේ වත්කම් සොයාබලා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අප සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බද ඔහු කියයි.

විදෙස් ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීමේ සිද්ධියට අදාළව ද දුෂණ රැසක් සිදුව ඇති නිසා, ඒ පිළිබඳවද තොරතුරු සොයන ලෙස ද තමා එම පැමිණිල්ලේ සදහන් කර සිටි බව ද ඔහු ප්‍රකාශ කරයි.

හිටපු ඇමති මනුෂ නානායක්කාර දූෂිත ලෙස උපයාගෙන ඇති දේපල වත්කම් රාජසන්තක කර රජයට පවරා ගන්නා ලෙසත්, ඔහු අයථා වත්කම් උපයා ඇත්නම් නීතිය ක්‍රියාත්මක කර ඔහුට දඩුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා, සිය සංවිධානය මේ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories