කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
2014 වසරේදී, අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායී මිල ගණන් යටතේ බෙදා දීමට තිබූ රුපියල් මිලියන 25ක බඩඉරිඟු බීජ, එම වසරේ පැවති ජනාධිපතිවරණයේදී පෞද්ගලික අවශ්‍යතා මත, නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව, තම හිතවතුන්ට හා ආධාරකරුවන්ට බෙදාහැරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බව ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනාව වේ.