හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළහ.
අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු නිවාස බාරදීම සඳහා කරුණු විමසීම් කර ඇති බවද වැඩි දුර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්(හිටපු) සඳහා නිකුත් කර තිබූ රජයේ බංගලා සංඛ්‍යාව පනහක් වේ.
සියලුම රජයේ බංගලා බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පසුගියදා දැනුම් දුන්නේය.
නිල නිවාස බාර නොදෙන හිටපු අමාත්‍යවරුන්ට ඉදිරියේදී නඩු පවරන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කළහ.