2025 අගෝස්තු 15 සිකුරාදා, 19:12
නවතම පුවත්

හැරගිය පොහොට්ටු පාක්ෂිකයන්ට නාමල් අඬගසයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ නම ඊයේ බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේදී ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිය ආධාරකරුවන්ට ආචාර කළ අයුරු.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (7දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රින්, හිටපු පළාත් සභා හා පළාත් පාලන ආයතන පක්ෂ ක්‍රියාකාරීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම මෙම උත්සවය පැවැත්විණි.

පක්ෂ මූලස්ථානයේදී ඊයේ පැවැති චාම් උත්සවයකදී මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ජායනයෙන් පසු හිටපු ජනාධිපති, පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ හා පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ආශීර්වාදය මැද පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් නිල ප්‍රකාශය සිදුකර පෙරවරු 8.59ට පමණ යෙදුණු සුබ මුහුර්තියෙන් ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ලිපිය පැමිණ සිටි ජනතාවගේ ජයඝෝෂා මධ්‍යයේ නාමල් රාජපක්ෂ මහතාට පිළිගැන්වීය.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිදු කරුණු මෙම අවස්ථාව සියයකට අධික මහා සංඝරත්නය වැඩම කර සිටියහ. නාමල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ප්‍රකාශයට පත්කර අදාළ ලිපිය භාර ගැනීමෙන් පසු ඔහු පළමුව වැඩමකර සිටි මහා සංඝරත්නයට වැඳ නමස්කාර කර ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සිය පියාණන් වන පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ හා බාප්පා වන බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ආශීර්වාදය ලබාගෙන පැමිණ සිටි ජනතාවට ආචාර කළේය.

තමා පක්ෂයේ ජාතික සංවිධායක වගේම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පක්ෂය හැර ගිය සැමට නැවත පක්ෂය සඳහා එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරන බව පක්ෂයේ ජාතික සංවිධායක, ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීමෙන් පසු පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව පැවැසීය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories