2026 මාර්තු 18 බදාදා, 19:37
නවතම පුවත්

හැරගිය පොහොට්ටු පාක්ෂිකයන්ට නාමල් අඬගසයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ නම ඊයේ බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේදී ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිය ආධාරකරුවන්ට ආචාර කළ අයුරු.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (7දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රින්, හිටපු පළාත් සභා හා පළාත් පාලන ආයතන පක්ෂ ක්‍රියාකාරීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම මෙම උත්සවය පැවැත්විණි.

පක්ෂ මූලස්ථානයේදී ඊයේ පැවැති චාම් උත්සවයකදී මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ජායනයෙන් පසු හිටපු ජනාධිපති, පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ හා පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ආශීර්වාදය මැද පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් නිල ප්‍රකාශය සිදුකර පෙරවරු 8.59ට පමණ යෙදුණු සුබ මුහුර්තියෙන් ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ලිපිය පැමිණ සිටි ජනතාවගේ ජයඝෝෂා මධ්‍යයේ නාමල් රාජපක්ෂ මහතාට පිළිගැන්වීය.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිදු කරුණු මෙම අවස්ථාව සියයකට අධික මහා සංඝරත්නය වැඩම කර සිටියහ. නාමල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ප්‍රකාශයට පත්කර අදාළ ලිපිය භාර ගැනීමෙන් පසු ඔහු පළමුව වැඩමකර සිටි මහා සංඝරත්නයට වැඳ නමස්කාර කර ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සිය පියාණන් වන පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ හා බාප්පා වන බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ආශීර්වාදය ලබාගෙන පැමිණ සිටි ජනතාවට ආචාර කළේය.

තමා පක්ෂයේ ජාතික සංවිධායක වගේම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පක්ෂය හැර ගිය සැමට නැවත පක්ෂය සඳහා එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරන බව පක්ෂයේ ජාතික සංවිධායක, ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීමෙන් පසු පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව පැවැසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories