2026 මාර්තු 20 සිකුරාදා, 06:43
නවතම පුවත්

හැම එකම දැන් නොමිලේ දෙනවලු

රටේ පවතින ආර්ථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් තමන් විසින් “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් හඳුන්වා දී ඇති බවය.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

“අපි ඇති කරලා තියෙන ස්ථාවරභාවය තහවුරු කරන්න ඕනේ. නැත්නම් ආපහු පහළට යනවා. ඒක කරන්න තමයි මගේ වැඩසටහන ‘පුළුවන් ශ්‍රී ලංකා’ ඔබට දෙන්නේ ඒ වරම ලබාගන්න. සජිත් ගැන කියලා වැඩක් නෑ. හැම එකම දැන් නොමිලේ දෙනවලු. තව ටික කාලයකින් නොමිලේ නෙමෙයි ඒක ගන්න කියලා මුදල් දෙයි. මොකද්ද මාලිමාව කියන්නේ, ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ කියලා. මම ජනාධිපති වුණාට පස්සේ එහෙම කියනවා. මාලිමාවේ එක අඩුපාඩුවක් තියෙනවා. මේ මගේ මිත්‍ර අනුරට…ආ… දැන් මිත්‍රයා කියන්න එපානේ…හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායකගෙන් මම අහන්න කැමතියි. මම බැලුවා ඒ අයගේ අයවැය. මෙහෙම අයවැයක් හැදුවේ අර බැනියමේ හිල් තියෙන එක්කෙනාද? මේක කරන්න බෑ.”

මේ අතර ඊයේ ගම්පොළ පැවති ජනරැලියට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මහත්මිය මෙලෙස අදහස් පළ කළාය.

“ඔබ සියලුදෙනාම දන්නවා අපේ මාතෘ භූමිය අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණදෙන හැම අවස්ථාවකදීම මේක ගොඩගන්න පක්ෂයක්, පාටක්, භේදයක් නැතුව අතදික් කළ මනුස්සයෙක් ඉන්නවා නම්, ඒ රනිල් වික්‍රමසිංහ මහතායි. අපි බලන් හිටියා මම විපක්ෂයේ මන්ත්‍රීවරියක් විදියට සමහර දාට, මෙතුමා පාර්ලිමේන්තු ඇවිල්ලා රට ගොඩගන්න කියලා ඉල්ලීම් කරද්දි, අද ඔය හංදියක් හංදියක් ගානේ දිනවන්න කියන සමහර අය උපහාසයට හිනා වුණා. ඒ වෙලාවේ ඔයාලගේ බඩගින්න එයාලට දැනුනේ නෑ. මමත් මේක බොහෝම අමාරුවෙන් බලාගෙන හිටියා 2022 ඉඳලා. මේ කතා කරන්නේ රට ගොඩගන්න නේ කියන එක එදා කාටවත් වගේ වගක් තිබුණේ නෑ.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories