හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද (ජූලි 4) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූ කිහිප දෙනෙකු හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
අනතුරට පත්ව ඇත්තේ පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බව පොලීසිය සඳහන් කරයි