2025 අගෝස්තු 15 සිකුරාදා, 02:16
නවතම පුවත්

හරස් මාර්ගය වසා තිබියදී බසය එලවූ රියදුරු පොලිස් භාරයට!

නාවලපිටිය, වරකාව ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී අවදානම නොතකා බස් රථයක් ධාවනය කළ රියදුරෙකු නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය ඉකුත් ජූලි 17 වන දින වාර්තා වූ අතර, ගිනිගත්හේන, ලක්ෂපාන ප්‍රදේශයේ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ අදාළ බස් රථය වරකාව දුම්රිය හරස් මාර්ගය අසලට පැමිණෙන විටත් දුම්රිය ආරක්ෂිත ගේට්ටුව වසා දමා තිබී ඇත. කෙසේ වෙතත්, බස් රථ රියදුරා ප්‍රතිවිරුද්ධ දිශාවේ රේල් ගේට්ටුවේ තිබූ කුඩා ඉඩකින් බස් රථය ධාවනය කර තිබේ.

අදාළ ස්ථානයෙන් බස් රථය පිටත් වී සුළු වේලාවකින් මහනුවර සිට නාවලපිටිය දක්වා ගමන්ගත් මගී ප්‍රවාහන දුම්රිය පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම අසල තිබූ වෙළෙඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂිත ගේට්ටුවේ මුරකරු විසින් නාවලපිටිය පොලිසිය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව, එම බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඇප මත මුදාහැරුණි. කෙසේ වෙතත්, සැකකරුට එරෙහිව නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට නියමිතය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories