ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. වාර්තා වන අන්දමට ඔහු රෝහල් ගතකර ඇත්තේ චිකුන්ගුන්යා රෝගය වැළඳීම හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබා ගැනීමටයි.පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසියේ දැඩි ආරක්‍ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ 37 වන වාට්ටුවේදී ඔහු ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.’හරක් කටා’ විසින් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාවක් ඉල්ලා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණත්, නිලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වේ.