හයිලෙවල් මාර්ගයේ කොට්ටාව සහ පන්නිපිටිය අතර දැඩි වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවැත්වෙන තරඟයක් සඳහා දෙමාපියන් විශාල පිරිසක් සිය මෝටර් රථවලින් දරුවන් රැගෙන ඒම හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි.
එම රථ වාහන අදාළ ප්‍රදේශයෙන් ඉවත් කිරීමට නුගේගොඩ රථවාහන කොට්ඨාස නිලධාරීන් පියවර ගනිමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.