2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 06:33
නවතම පුවත්

හයර් දුවන අයියලාගෙ ලොරි ටෝක්

උබ විභාගෙ පේල් වෙලා ත්‍රීවිල් පදින්නද හදන්නේ ? ” ” උබ විභාගෙ පේල් වෙලා ගාමන්ට් යන්නද හදන්නේ ? ” සුවහසක් වැඩිහිටියන් බාලක බාලිකාවියන්ගෙන් නිතර දෙවේලේ අහන ප්‍රශ්නයක් තමයි ඕක . අද වෙනකොට ජනප්‍රිය සංස්කෘතිය තුළ පිරිමි ලකුණ විදියට ත්‍රීවිල් අයියලා නොහොත් බහුතරයාගෙ කටවහරට අනුව එන ත්‍රීවිල්කාරයා ත් , ගැහැණු ලකුණ විදියට ගාමන්ට් අක්කලත් හඳුන්වනවා . ගිය සතියෙ ත්‍රීවිල් අයියලා ගැන ලියල මේ සතියෙත් ත්‍රීවිල් ගැනම ලියන්න යනව කියල හිතන්නැතිව කියවල ඉමු .

මේක ලියන්න කලින් මම කැමති මගේ මතය ඔබ සතු කරලා ඉන්න . ඇත්තටම මට නම් ත්‍රීවිල්කාරයා කියන්නෙ පොරක් . මම එහෙම කියන්න හේතුව ලිපිය අන්තිම වෙනකොට පැහැදිලි කරන්නම් . අද කතා කරන්න වුවමනා උනේ මේ ත්‍රීවිල් සංස්කෘතිය තුළ තියෙන ” වදන් ” සංස්කෘතිය ගැන . පරිප්පු නැති හෝටලේකින් , දෙයියො නැති දේවාලෙකින් කිසි ගැම්මක් නෑ වගේ තමා වදනක් නැති ත්‍රීවිල් එකක් හොයාගන්නත් නැති තරම් . මේ වෙනකොට ත්‍රීවිල් වදන් කියන්නෙත් ට්‍රෙන්ඩ් එකක් .

ඔය ත්‍රීවිල් වදන් ඇතුළෙ කොයිතරම් දේෂපාලනයක් , කොයි තරම් මානුෂීය බවක් , කොයිතරම් සමාජීය බවක් තියෙනවද කියන කාරණා ගත්තහම මගේ පුද්ගලික මතය තමයි ඔය අකුරු කීපයක් ඇතුළෙ ත්‍රීවිල් අයියලා පට්ට සංකීර්ණ කතාවක් කියල තියෙන බව .

ලංකාව තුළ නූගතා කියල හංවඩු ගැහෙන ත්‍රීවිල්කාරයා මොළෙන් මේ සොසයිටිය ඇතුළෙ ගේමක් ගහන බවට ත්‍රීවිල් වදන් සාක්ෂියි .
” අපේ ම නයි අපිට ම කයි “
ඕක මම ගොඩක් ත්‍රීවිල් වල දැකල තියෙන වදනක් . බහුතර උගත් බුද්ධිමත් පිරිස ඇතුළෙම ඉදගෙන තමන්ට තමන්ගෙ එවුන්ම විණ කරනවාය කියල නූගතෙක් තේරුම් ගන්නෙ කොයිවිදියට ද කියල ඔයා කවදාහරි හිතල තිබ්බද ?

ප්‍රේමය , දේෂපාලනය , විරහව , පොසිටිව් තින්කින් කියන කාරණා ගණනාවක් මේ ත්‍රීවිල් වදන් ඇතුළෙන් එළි බහිනවා . ඔතනදි මම හරි කැමති කාරණාවක් තමා පොසිටිව් තින්කින් කියන එක . ඇත්තටම ත්‍රීවිල් අයියලගෙ තරම් පොසිටිව් තින්කින් තොගයක් මම වෙන කිසිම මනුස්සයෙක් ගෙ දැකල නැති තරම් .
” මොනවා උනත් අපි කෙලින් “
” වයසට ගියත් හවසට ගෙදර “
” අපි ළඟ උබල පදිරියි බන් “
ඔන්න ඔහොම වදන් නම් අනන්තවත් ත්‍රිවිලර් පිටිපස්සෙ .

සමහර තැන් වලදි මේ ත්‍රීවිල්කාරයා කියන කාරණාව කොයි තරම් දුරට අවතක්සේරු කරල තියෙනවාද කියනෙක යම් යම් ව්දියට ඔවුනට බලපාල තියෙනවා කියල සමහර වදන් වලින් පේන්න තියෙනවා .
” ඇති දාට රූම් නැති දාට බෲම් “
” බොක්කෙන් ලව් කරපු කාලේ කෙක්කෙන් පොල් කැඩුවා නම් අපි අද කෝටිපතියො “
ඔන්න ඔය වගේ යම් කිසි පසුගාමි වදන් පවා සමහර ත්‍රිවිලර් වල කොටල තියෙනවා .

මේ සියලූම වදන් ගත්තම ඒ හැම කාරණාවකම වගේ දේෂපාලනික කියවීම ගත්තම ” මම පොරක් , මට උබ නතිං ” වගේ ෆීලින්ග් එකක් එන්නෙ . ඇත්තටම මට නම් ඒක මාරයි . පොර දන්නවා තමන්ට සල්ලි නැති බවත් ඒ උනාට තමන් ම තමන් කොයි තරම් පොරක්ද කියල කියන්න තරම් විශාල කන්ෆිඩන්ස් එකක් මේ ත්‍රීවිල් අයියලට තියෙනවා .

සමහර තැන්වලදි සියුම් උපහාසයක් එක්ක තමගෙ ජීවිතෙන් කොටසක් මේ ත්‍රීවිලර් පිටිපස්සෙ ගහන උදවියත් ඉන්නවා ,
” රත්ති බිව්වට මට ඔයාගෙ කුක්කු නතිං නංගියා “
” වේලි වේලි ගියත් හාල් කෑලි නම් දාන් යන්නෑ “
” සල්ලි තියනව නම් කෙල්ලො වදුරන්ටත් ලව් කරයි “
ඔය වගේ උපහාසාත්මක කතා මැදින් උනත් මේ ත්‍රීවිල් අයිය මතු කරනවා එයා කොයිතරම් පොරක්ද කියල .

” මල් තිබ්බට වැඳ වැටුණට
මම තනියම බුදු පුද ළඟ
සෙරෙප්පු දෙක රහත් වෙලා
මට කලියෙන් පඩිපෙළ ළඟ “

Jeewana Pahan Thilina

” සතා කියා ඉදහිටකදි ඇහුණාට
කතා හදන උන් සේරම බෝසත් ද “

Timran Keerthi

සමහර ත්‍රීවිල් වල ඔය වගේ හරි ලස්සන නූතන කවීන්ගේ පද්‍ය කොටස් මේ වෙනකොට දකින්න තියනවා . සමහරවිට පොර කවදාවත් එ පොත කියවල නොතියෙන්න පුලුවන් හැබැයි හරිම පොයින්ට් එක උස්සල අරගෙන ත්‍රීවිල් එකේ කොටන තරමටම මේ ත්‍රීවිල්කාරයා ගෙ දෘෂ්ටිය හරි යුනීක් .

මේ සියල්ල දිහා බැලුවම මම ආයෙත් කියනවා ත්‍රීවිල්කාරයා කියල ඔබ හදුන්වන මිනිසා මට පොරක් . ත්‍රීවිල් පදින එක පැෂන් එකක් . මම දැකල තියෙනවා තමන්ගෙ රාජකාරිය කකුලෙ කුරහන් ගල ගැටගහගත්තු ගවයො වගේ කරන උදවිය . නමුත් මේ ඔයා මම කතා කරන ත්‍රීවිල්කාරයා කවදාවත් අකමැත්තෙන් ත්‍රීවිල් පදිනවා මම දැකල නෑ . පොරට ඒක පැෂන් එකක් . ත්‍රීවිල්කාරයා ලංකාවට අයිකන් එකක් .

පවනි වාසනා

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories