2025 ජූනි 21 සෙනසුරාදා, 11:51
නවතම පුවත්

හයර් දුවන අයියලාගෙ ලොරි ටෝක්

උබ විභාගෙ පේල් වෙලා ත්‍රීවිල් පදින්නද හදන්නේ ? ” ” උබ විභාගෙ පේල් වෙලා ගාමන්ට් යන්නද හදන්නේ ? ” සුවහසක් වැඩිහිටියන් බාලක බාලිකාවියන්ගෙන් නිතර දෙවේලේ අහන ප්‍රශ්නයක් තමයි ඕක . අද වෙනකොට ජනප්‍රිය සංස්කෘතිය තුළ පිරිමි ලකුණ විදියට ත්‍රීවිල් අයියලා නොහොත් බහුතරයාගෙ කටවහරට අනුව එන ත්‍රීවිල්කාරයා ත් , ගැහැණු ලකුණ විදියට ගාමන්ට් අක්කලත් හඳුන්වනවා . ගිය සතියෙ ත්‍රීවිල් අයියලා ගැන ලියල මේ සතියෙත් ත්‍රීවිල් ගැනම ලියන්න යනව කියල හිතන්නැතිව කියවල ඉමු .

මේක ලියන්න කලින් මම කැමති මගේ මතය ඔබ සතු කරලා ඉන්න . ඇත්තටම මට නම් ත්‍රීවිල්කාරයා කියන්නෙ පොරක් . මම එහෙම කියන්න හේතුව ලිපිය අන්තිම වෙනකොට පැහැදිලි කරන්නම් . අද කතා කරන්න වුවමනා උනේ මේ ත්‍රීවිල් සංස්කෘතිය තුළ තියෙන ” වදන් ” සංස්කෘතිය ගැන . පරිප්පු නැති හෝටලේකින් , දෙයියො නැති දේවාලෙකින් කිසි ගැම්මක් නෑ වගේ තමා වදනක් නැති ත්‍රීවිල් එකක් හොයාගන්නත් නැති තරම් . මේ වෙනකොට ත්‍රීවිල් වදන් කියන්නෙත් ට්‍රෙන්ඩ් එකක් .

ඔය ත්‍රීවිල් වදන් ඇතුළෙ කොයිතරම් දේෂපාලනයක් , කොයි තරම් මානුෂීය බවක් , කොයිතරම් සමාජීය බවක් තියෙනවද කියන කාරණා ගත්තහම මගේ පුද්ගලික මතය තමයි ඔය අකුරු කීපයක් ඇතුළෙ ත්‍රීවිල් අයියලා පට්ට සංකීර්ණ කතාවක් කියල තියෙන බව .

ලංකාව තුළ නූගතා කියල හංවඩු ගැහෙන ත්‍රීවිල්කාරයා මොළෙන් මේ සොසයිටිය ඇතුළෙ ගේමක් ගහන බවට ත්‍රීවිල් වදන් සාක්ෂියි .
” අපේ ම නයි අපිට ම කයි “
ඕක මම ගොඩක් ත්‍රීවිල් වල දැකල තියෙන වදනක් . බහුතර උගත් බුද්ධිමත් පිරිස ඇතුළෙම ඉදගෙන තමන්ට තමන්ගෙ එවුන්ම විණ කරනවාය කියල නූගතෙක් තේරුම් ගන්නෙ කොයිවිදියට ද කියල ඔයා කවදාහරි හිතල තිබ්බද ?

ප්‍රේමය , දේෂපාලනය , විරහව , පොසිටිව් තින්කින් කියන කාරණා ගණනාවක් මේ ත්‍රීවිල් වදන් ඇතුළෙන් එළි බහිනවා . ඔතනදි මම හරි කැමති කාරණාවක් තමා පොසිටිව් තින්කින් කියන එක . ඇත්තටම ත්‍රීවිල් අයියලගෙ තරම් පොසිටිව් තින්කින් තොගයක් මම වෙන කිසිම මනුස්සයෙක් ගෙ දැකල නැති තරම් .
” මොනවා උනත් අපි කෙලින් “
” වයසට ගියත් හවසට ගෙදර “
” අපි ළඟ උබල පදිරියි බන් “
ඔන්න ඔහොම වදන් නම් අනන්තවත් ත්‍රිවිලර් පිටිපස්සෙ .

සමහර තැන් වලදි මේ ත්‍රීවිල්කාරයා කියන කාරණාව කොයි තරම් දුරට අවතක්සේරු කරල තියෙනවාද කියනෙක යම් යම් ව්දියට ඔවුනට බලපාල තියෙනවා කියල සමහර වදන් වලින් පේන්න තියෙනවා .
” ඇති දාට රූම් නැති දාට බෲම් “
” බොක්කෙන් ලව් කරපු කාලේ කෙක්කෙන් පොල් කැඩුවා නම් අපි අද කෝටිපතියො “
ඔන්න ඔය වගේ යම් කිසි පසුගාමි වදන් පවා සමහර ත්‍රිවිලර් වල කොටල තියෙනවා .

මේ සියලූම වදන් ගත්තම ඒ හැම කාරණාවකම වගේ දේෂපාලනික කියවීම ගත්තම ” මම පොරක් , මට උබ නතිං ” වගේ ෆීලින්ග් එකක් එන්නෙ . ඇත්තටම මට නම් ඒක මාරයි . පොර දන්නවා තමන්ට සල්ලි නැති බවත් ඒ උනාට තමන් ම තමන් කොයි තරම් පොරක්ද කියල කියන්න තරම් විශාල කන්ෆිඩන්ස් එකක් මේ ත්‍රීවිල් අයියලට තියෙනවා .

සමහර තැන්වලදි සියුම් උපහාසයක් එක්ක තමගෙ ජීවිතෙන් කොටසක් මේ ත්‍රීවිලර් පිටිපස්සෙ ගහන උදවියත් ඉන්නවා ,
” රත්ති බිව්වට මට ඔයාගෙ කුක්කු නතිං නංගියා “
” වේලි වේලි ගියත් හාල් කෑලි නම් දාන් යන්නෑ “
” සල්ලි තියනව නම් කෙල්ලො වදුරන්ටත් ලව් කරයි “
ඔය වගේ උපහාසාත්මක කතා මැදින් උනත් මේ ත්‍රීවිල් අයිය මතු කරනවා එයා කොයිතරම් පොරක්ද කියල .

” මල් තිබ්බට වැඳ වැටුණට
මම තනියම බුදු පුද ළඟ
සෙරෙප්පු දෙක රහත් වෙලා
මට කලියෙන් පඩිපෙළ ළඟ “

Jeewana Pahan Thilina

” සතා කියා ඉදහිටකදි ඇහුණාට
කතා හදන උන් සේරම බෝසත් ද “

Timran Keerthi

සමහර ත්‍රීවිල් වල ඔය වගේ හරි ලස්සන නූතන කවීන්ගේ පද්‍ය කොටස් මේ වෙනකොට දකින්න තියනවා . සමහරවිට පොර කවදාවත් එ පොත කියවල නොතියෙන්න පුලුවන් හැබැයි හරිම පොයින්ට් එක උස්සල අරගෙන ත්‍රීවිල් එකේ කොටන තරමටම මේ ත්‍රීවිල්කාරයා ගෙ දෘෂ්ටිය හරි යුනීක් .

මේ සියල්ල දිහා බැලුවම මම ආයෙත් කියනවා ත්‍රීවිල්කාරයා කියල ඔබ හදුන්වන මිනිසා මට පොරක් . ත්‍රීවිල් පදින එක පැෂන් එකක් . මම දැකල තියෙනවා තමන්ගෙ රාජකාරිය කකුලෙ කුරහන් ගල ගැටගහගත්තු ගවයො වගේ කරන උදවිය . නමුත් මේ ඔයා මම කතා කරන ත්‍රීවිල්කාරයා කවදාවත් අකමැත්තෙන් ත්‍රීවිල් පදිනවා මම දැකල නෑ . පොරට ඒක පැෂන් එකක් . ත්‍රීවිල්කාරයා ලංකාවට අයිකන් එකක් .

පවනි වාසනා

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය
ඊශ්‍රායලය සහ ඉරානය...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමයට
ජනාධිපති අරමුදල...
web 01
ව්‍යාජ මුදල් ජාවාරමක සුලමුල හතරලියද්දෙන් හෙළිවෙයි
ව්‍යාජ මුදල් ජාවාරමක...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...

උණුසුම් පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය
ඊශ්‍රායලය සහ ඉරානය...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමයට
ජනාධිපති අරමුදල...
web 01
ව්‍යාජ මුදල් ජාවාරමක සුලමුල හතරලියද්දෙන් හෙළිවෙයි
ව්‍යාජ මුදල් ජාවාරමක...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories