2025 ජූනි 22 ඉරිදා, 00:40
නවතම පුවත්

හඳගමගේ “රාණි” ඓතිහාසික සමාජ දේශපාලනය තුළ පන්ති පිළිබිඹුවක් ද ?

අශෝක හඳගමගේ රාණි, ලාංකේය සිනමාවේ ස්ථානගත කළ හැක්කේ හඳගමගේ නිර්මාණ සමුච්චය හා සංසන්දයෙන් හෝ ගෙවුණු යුගයක හරාත්මක දේශපාලයක් අන්තර්ගත කතා ප්‍රවෘත්තියක් සිනමා මාධ්‍යයට රැගෙන ඒම කෙසේ සිදු කරේ ද යන කාරණා ද්විත්වය මධ්‍යයේ ය. හඳගමගේ සිනමාව රසවිඳීමට හෝ දේශපාලනික සිද්ධියක් සිනමා මාධ්‍යයෙන් රසවිඳීමට හා මතකාවර්ජනය කිරීමේ චේතනාවෙන් “රාණි” නැරඹීම හරසුන් වන්නේ එබැවිනි. හඳගම රාණි ස්ථාපිත කරනුයේ දේශපාලන සිද්ධි දාමයට හා තමාගේ සිනමා කතා කලාවට මධ්‍යයෙනි.

හඳගමගේ රාණි කොතෙකුත් දුරකට සැබෑ රාණිය හා සමපාත වන්නේදැයි හෝ හඳගමගේ චරිත සැබෑ චරිතයේ ස්වරූපය කොතෙක් දුරට ග්‍රහණය කරනුයේ දැ යි විමසා බැලීමට ඔවුන් පිළිබඳ සජීවී අත්දැකීමක් නොමැති වීම මත හඳගම මවන චරිත ස්වාධීන ප්‍රේක්ෂකයෙක් සේ රසවිඳීමේ අවකාශය මට විවෘත විය. එහිලා ප්‍රධාන චරිතය වූ රාණිගේ චරිතය හරහා සෙසු චරිත දියවීමත්, එම දියවීම රාණි නැමැති කාන්තා චරිතය ඓතිහාසික සන්දර්භය තුළ උළුප්පා දැක්වීමට හේතු වූ ඔහුගේ පුත්‍රයාගේ චරිතයට වුව උරුම වී තිබීමත් කැපී පෙනේ. අධ්‍යක්ෂවරයා මවනුයේ රාණි මිස රිචඩ් හෝ ප්‍රේමදාස නොවන බව සඳහන් කළ යුතු අතර එහි දී ප්‍රධාන චරිතය හා එහි සියුම් මනෝභාවමය අවස්ථාවන් ග්‍රහණය කරගැනීන අධ්‍යක්ෂවරයා විසින් සිදුකොට ඇති ක්‍රියාවලිය යැයි මට හැඟේ.

ස්වර්ණා මල්ලවආරච්චිගේ චරිත නිරූපණය හොඳින් චිත්‍රපටය තුළදී මතුවුව ද එකී රංගනය ඇගේ රංග පෞරුෂය තුළ සැඟව යන්නේයැයි කිව යුතුය. රාණි චිත්‍රපටය තුළ ස්වර්ණාගේ රංගනය ප්‍රේක්ෂකයාට සමපාත වනුයේ ඇය විනිවිදින අනෙක් චරිතයක් නොමැතිකමෙන් මිස ඇගේ රංගනයේ අතිවිශිෂ්ට බව නිසා නොවේ. අති කොටස ඉවත් කර විශිෂ්ට රංගනයකැයි පැවසීමෙහි වරදක් නොමැත්තේ ස්වර්ණාගේ රංග පෞරුෂය අනෙක් නිළි පෞරුෂයන් හා සැසඳීමේ දී පෙරමුණ ගන්නා හෙයිනි. ( ඈගේ මනෝරාණි නිරූපණය ස්වර්ණා මල්ලවආරච්චිගේ රංගනයන් අතුරින් මගේ ප්‍රියතම රංගනය වන සුද්දිලාගේ කතාවේ සුද්දී ට සෑහෙන පහළිනි )

සිනමාපටය තුළ සෙසු චරිත අතුරින් ප්‍රේක්ෂකයා වෙත විශාල වශයෙන් නිරාවරණය වන චරිත වනුයේ මයුර කාංචන රඟන “කරූ” ගේ චරිතය හා රිතිකා කොඩිතුවක්කුගේ චරිතය පමණි. කරූ ලාංකේය ඡන්දදායකයා හා සාමාන්‍ය පහළ පාන්තික ජනතාවගේ විඥාන ධාරාව නියෝජනය කරන අතර දේශපාලන සාක්ෂරතාව හා ජාතීන්ගේ ප්‍රශ්නයේ දකුණේ පුද්ගල භූමිකාව ප්‍රේක්ෂකයා වෙත ගෙනහැර දක්වන අතර මයුරගේ රංගනය එකී සෑම අංගයක් ම නිරාවරණය කරන කැටපතක් සේ ක්‍රියාකිරීම තුළ ඔහුගේ රංගන පරාසය ලාංකේය සිනමාවට නැවත වරක් හඬගා කියයි. රිතිකා නියෝජනය කරනුයේ මනෝරාණිගේ තරුණ අවිඥානය යැයි හැඟෙනුයේ රිතිකාගේ හා රාණිගේ චරිතය අතර ඇතිවන රාණිගේ තරුණ වියත් රිතිකාගේ වර්තමානයත් අතර ඇතිවන සංවාද කේන්ද්‍රකොටගෙන ය. රිතිකා ඓතිහාසික සන්දර්භය තුළ සනිටුහන් වූ චරිතයක් නොවන හඳගමගේ භාෂාත්මක ප්‍රයෝගයක් වන නමුදු ඇගේ චරිතය පිටපත තුළ සිරවීමකට ලක්ව ඇතැයි මට හැඟෙයි. රිතිකාගේ අතීත කතාව ප්‍ර්‍රේක්ෂකයාට කිව යුතු ම ද ? රිතිකාගේ වර්තමානය තුළ එය ස්ථාපිත කළ නොහැක්කේ ඇයි ? එකී රිතිකාගේ ඉතිහාස කතාව රාණිගේ සිනමාපටයට කරන අමුතු කිසිවක් නැත. අතුරු කතාවක් එලෙස ස්ථාපිත කිරීම තුළ අධ්‍යක්ෂවරයා තම හදිසි පිටපතේ නිම නොකළ හිඩැස් පවතින බව අපට ඉඟි කරයි. නැතිනම් හඳගමට රාජ්‍ය ත්‍රස්තවාදය රිචඩ්ගේ කතාවෙන් පමණක් පෙන්වීමට සැලැස්වීම මදි පාඩුවක් ද ?

මංගලගේ චරිතය ඉදිරිපත් කරන අශාන්ගේ රංගනයෙහි වරදක් නැත. පිටපත තුළ එය හොඳින් ස්ථානගත වී ඇත. එහෙත් මහින්ද රාජපක්ෂගේ චරිතය ඔහුගේ ජාතිකවාදය, දේශපාලන කුප්‍රකටකම, සිංහල සංස්කෘතික මුළුගැන්වීම, දකුණු උපසංස්කෘතිය නියෝජනය ආදී සියල්ල රංගය හරහා නොව දෙබස් හරහා ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම තුළ එකී චරිතය හාස්‍යයට ලක්වීම වැළැක්විය නොහැක. බිමල් ද සිය චරිත ඇතුළාන්තය දෙබසට සීමා කිරීම තුළ එකී චරිතයේ හිඩැස තවදුරටත් ඔප්නංවා ඇතුවා මිස එය හකුළුවා දමා නැත.

රිචඩ්ගේ චරිතය ඉතා සංයමයෙන් කියවාගත යුතු අතර ඔහුගේ රංගනය විශිෂ්ටය. ඔහුට එකී විශිෂ්ට රංගනය සඳහා සුදුසු තිරකාලයක් නොලැබීමේ ශෝකය මා තුළ ඇත. ඔහුගේ චරිතය ස්වර්ණාටත් වඩා ලාංකේය ඉහළ පාන්තික ජීවිතය පිළිඹිඹු කරන්නා වූ අතර නිරායාසයෙන් මතුවන ඉංග්‍රීසි හුරුව ද අඩු වැඩි නොකර සිය තිර කාලය පුරා සමානව රැගෙන යාමට සමත් වූ අතර එහිලා ස්වර්ණාගේ නිරූපණය ඊට අසමත් ය.

මේ සියල්ල අවසානයේ හඳගමගේ උත්සාහය රිචඩ් ද සොයිසාගේ ඝාතනය හෝ මනෝරාණිගේ චරිතය උළුප්පා දැක්වීම නොව මනෝරාණි නියෝජනය කළ පන්තියේ ස්වභාවය හුවාදැක්වීම යැයි හැඟෙනුයේ ඔහු මුළු ධාවන කාලය පුරා වැඩි වශයෙන් උත්සාහ දරා ඇති කාරණය එයයැයි පැවසිය හැකි හෙයිනි. එකී ඉහළ පන්තියේ කාන්තාව සිංහල නාට්‍ය නොබලන හා එහි අමු බව ප්‍රශ්න කරන, නිරන්තරයේන් දුම්වැටි දල්වන, සිය දරුවා සමඟ මිත්‍රත්ව සම්බන්ධයකට දෑත දිගු කරන, අනෙකුන්ට ගැටලුවක් වන සිය දරුවාගේ ලිංගික දිශානතිය ප්‍රශ්න නොකරන, සිය වෘත්තිය හරහා තමා උසස් ලෙස සැලකිය යුතු යැයි විශ්වාස කරන චරිත සන්දර්භයක් තුළ ගොඩනැගීම හා ප්‍රේක්ෂකයාට ඇඟිල්ලෙන් ඇන “මේන් බලපන් ඉහළ පන්තියේ උඹලට ඇති ආතල් ජීවිතේ” යැයි පෙන්වාදීම දිගින් දිගටම පැවසීම හඳගම අමතක නොකරයි. ඒ අතර රාණි හා ඇගේ මිත්‍රයන් හරහා එකී පන්තිය නියෝජය නොකරන පහළ පන්තිය හා ඔවුන්ගේ සමාජීය සාක්ෂරතාව අවඥාවට ලක් කරවයි. එහෙයින් මෙකී සිනමාපටය රාණිගේ දේශපාලනය හෝ දේශපාලනයේදී භාවිතා වීම නොව ඇගේ පන්තිමය අනන්‍යතාව සිනමාවට නැගීමක් පමණකැයි කිව හැක. ඇගේ කෘතිම “අම්මා” ම ය භූමිකාව ද ඉක්මවා එකී පන්තිමය ආධිපත්‍යය මතුවන්නේ එබැවිනි.

හඳගම සිය කතාව තුළ ස්ථාපිත කරන තම “මාඝාත” නාට්‍ය ජවනිකාව හරහා මනෝරානිගේ යූස් වීම සාධාරණීකටණය කිරීමට උත්සාහ කිරීම හා, ප්‍රේක්ෂකයා වෙත මනෝරාණි වටහා ගැනීමට ඉඩ නොදී අතින් ඇද “රාණි හිතන්නේ ඕනෙ මෙහෙම” යැයි පෙන්වීම පෞද්ගලිකව මගේ විවේචනයට හසුවන්නකි. ලලිත්ගේ චරිතයේ බොළඳ බව හා අතුරුදන් වීම ද සිනමාත්මක නොවන්නකි. අධ්‍යක්ෂවරයා සිය අනෙකුත් සිනමාපටවලදී ද අත්හදා බලන ලද රේඛීය නොවන කාල අනුක්‍රමය සිනමාපටයට නොගැලපෙන්නක් බව ද කිව යුතු ද ? ප්‍රේමදාසට දේශපාලනිකව සුදුහුණු ගෑම ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමේ නිර්මාණාත්මක අයිතිය හෙයින් අධ්‍යක්ෂවරයා මත එකී වරද පැටවීම නොකරමි.

සමස්තයක් වශයෙන් බොහෝ ඇද පළුදු හා කතාවේ හිඩැස් තුළ “රාණි” අතරමං වී ඇති බව කිව යුතු අතර හඳගම දැනට පවතින ගීත සිය නිර්මාණයේ උත්ප්‍රාසය හා අවස්ථා නිරූපණයට භාවිතා කිරීම මගේ දෘෂ්ටිය තීව්‍ර කරන ලද අතර මෙකී සිනමාපටය සිනමාත්මක ගුණය හා සමපාත කිරීමට උත්සාහ ගෙන ඇත.

ජිමුත් ඉඳුසර

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories