2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:46
නවතම පුවත්

‘හංවැල්ලේ රථ පෙළපාලිය ගියේ මංගල්‍යයකට’-පොලිස් මාධ්‍ය ප්‍රකාශක

විදුලි ආලෝකය දල්වමින් හා සයිරන් නළා නාද කරමින් හංවැල්ල මාර්ගයේ පෙබරවාරි 2 වන දා සවස් කාලයේ ගමන් කර තිබූ රථ වාහන පෙළපාලිය විවාහ උත්සවයකට සහභාගීවීමට ගොස් ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම ප්‍රදේශයේ පසුගිය 30 වන දා විවාහ උත්සවයක් පවත්වා තිබෙන බව ත් පසුගිය ඉරිදා පැවති එහි දෙවන දින උත්සවයට ප්‍රදර්ශනාත්මක ලෙස රථ වාහන පෙළපාලිය ගමන් කර තිබෙන බව ත් ය.

මීගොඩ හා හංවැල්ල පොලිස් ස්ථාන මේ පිළිබදව සොයා බැලූ බව ත් මෙම රථ වාහන පෙළ පිළිබදව තවදුරට ත් විමර්ශනය කරමින් සිටින බව ත් ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, රථවාහන නීතියට අනුකූල නොවන පරිදි මෙම රථ වාහන ගමන් කර ඇති අතර අමතර පහන් දල්වාගෙන රථවාහන පෙළපාලි ගමන් කිරීම මෝටර් වාහන පනත අනුව තහනම් බව ය.

‘වීඅයිපී ලයිට්’ යැයි හඳුන්වමින් වාහනවල ඉදිරිපස අමතර විදුලි පහන් දල්වාගෙන ධාවන කරන සියලු වාහන පරීක්ෂා කර එම පහන් ගලවා දැමීමට පොලිසිය දැනටමත් පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

මෙවැනි රථ පෙළපාලිවලට පොලිස් ස්ථානවලින් අවසර ලබා නොදෙන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසීය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories