2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:30
නවතම පුවත්

හංගපු සල්ලි හොයන්න ලංකාවට එක්සත් ජාතීන්ගේ සහාය

රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතන සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එහි නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මේ බව පැවසුවේ, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමග පැවති සාකච්ඡාවකදීය.

මාර්ක් ඇන්ඩෘෘ ,නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමග ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කර ඇති අතර, දූෂණ වංචා වැළැක්වීමට රජය ගෙනයන වැඩපිළිවෙළට සම්පූර්ණ සහය දීමට සූදානම් බවත්, ඒ සඳහා මූල්‍ය ආධාර ලබා දීමටත් එකඟ වී තිබේ.

එහිදී ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකා සමුද්‍ර තීරයේ දී බේරාගත් රෝහින්යා සරණාගතයන්ට මානුෂික අයුරින් සළකන ලද ආකාරය මාර්ක් ඇන්ඩෘෘගේ ප්‍රශංසාවට ලක් වී තිබේ.

මාර්ක් ඇන්ඩෘෘ වැඩිදුරටත් පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි

පසුගිය මැතිවරණවලදී ශ්‍රී ලාංකික ජනතාව ජාති භේද හෝ පළාත් භේදවලින් තොරව නව රජය විශාල ආසන සංඛ්‍යාවකින් බලයට පත්කිරීම ඓතිහාසික සිදුවීමක් බව විජිත හේරත් අමාත්‍යවරයා එහිදී පවසා ඇති අතර, ඉදිරියේදී උතුරු නැගෙනහිර පළාත්වල පවරාගෙන ඇති ඉඩම් අයිතිකරුවන්ට ආපසු දීම කඩිනම් කරන බව ද සඳහන් කර තිබේ.

ඉදිරි කාලයේ දී එක්සත් ජාතීන්ගේ සාම හමුදා සඳහා ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් බඳවා ගැනීම වැඩිකිරීමට කටයුතු කරන මෙන්ද නේවාසික නියෝජිතවරයාගෙන් අමාත්‍යවරයා ඉල්ලා ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories