ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර ව්‍යවසාය සංවර්ධනය කිරීමේ අරමුණින් සෞදි අරාබියේ ලංකා තානාපති ඔමර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් සහ ජාත්‍යන්තර මූල්‍ය සමාගමක සංස්ථාපිත සබඳතා කළමනාකරුවකු වන මොහොමඩ් මුන්සිර් මහතා අතර හමුවක් පසුගියදා රියාද් නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සිදු විය.
මෙහිදී ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර ඇති කරගෙන තිබෙන වෙළෙඳ ගිවිසුම් හරහා මෙරටට ලබාගත හැකි වරප්‍රසාද පිළිබඳව දීර්ඝව සොයා බැලූ අතර ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය දියුණු කිරීම, නව ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම හා සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රදේශයේ ශ්‍රී ලංකා ව්‍යාපාර මණ්ඩලය ආරම්භ කිරීම, ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා රැකියා අවස්ථා ඇති කිරීම වැනි කරුණු රැසක් පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡා කරනු ලැබීය.