2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 03:13
නවතම පුවත්

සෞඛ්‍ය ඇමති නුවර ඉස්පිරිතාලයක් චෙක්කරන්න ගිය කතාවේඇත්ත මොකද්ද ?

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ ඔචාරිකාවක නිරත වූ බවටත් එහිදී යම් යම් පරීක්ෂා කිරීම් සහ අඩුපාඩු පෙන්වා දී ඇති බවටත් ජනමාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ඇමැතිවරයා ප්‍රතික්ෂේප කරයි.

ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එම සාවද්‍ය ප්‍රවෘත්තියේ සදහන් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එම ධූරයට පත්වූ පසු මේ දක්වා මහනුවර හෝ දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක රෝහල් නිරීක්ෂණයකට සහභාගි වී නොමැති බව අවධාරණය කරන බවයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

‘සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පෙරවරු 9.00 සිට රාත්‍රී 8.00 පමන දක්වා කොළඹ 10 පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුදී සිටි අතර එ් මහතාට පරිශ්‍රයෙන් බහැරව යාමට අවස්ථාවක් නොතිබිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ උදෑසන සිට පස්වරුව දක්වා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිති 07ක නියෝජිතයන් සහ අමාත්‍යාංශයේ නිළධාරීන් සමග සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය හා සේවා ගැටලු පිළිබදවත් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාව නගා සිටුවීමේ ඉදිරි සැළසුම් සකස් කිරීම පිළිබදවත් එම නියෝජිතයන් සමග දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකරන ලදී.

එවන් තත්ත්වයක් යටතේ ඊයේ (22) ගරු අමාත්‍යතුමාට මහනුවර හෝ දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක රෝහල් නිරීක්ෂණය කිරීමට යාමට අවකාශ නොතිබූ බව නැවත අවධාරණය කරමි.

මෙවන් සාවද්‍ය ප්‍රවෘත්ති පළකිරීම් මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් හා ආයතන අපහසුතාවයට පත් නොකරන ලෙසත් එවන් සාවද්‍ය ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර මහජනතාව නොමග යැවීම සිදු නොකරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.’

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories