2025 අගෝස්තු 15 සිකුරාදා, 01:16
නවතම පුවත්

සෝමාවතිය ජලයෙන් යටවෙයි

මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් මෙන්ම විහාරස්ථානයේ දායකයන් 60 ආසන්න පිරිසක් කොටුවී සිටිති.

සෝමාවතීය පුදබිමේ සිටින එම සිටින එම පිරිසට දින කිහිපයකට අවශ්‍ය වියළි ආහාර විහාරස්ථානයේ පවතින බවත්, වියළි ආහාර අවශ්‍යතාවයක් ඇති වුහොත් ඒ සඳහා ඉතා කඩිනමින් ලබාදීමට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන ඇති බවද ආපද‍ා සහන සේවා නිලධාරී පාලිත උපුල් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

සෝමාවතිය විහාරස්ථානයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා කිහිප නම විසින්, මෙන්ම එහි රැඳී සිටින ආරක්ෂක නිලධාරීන්ගේ සහය ඇතිව ‌ බෝට්ටු ආධාරයෙන් ගොස්, උදෑසන හා දහවල් බුද්ධ පූජාව පැවැත්වීමට කටයුතු කරගෙන තිබේ.

මහවැලි ගඟ සෝමාවතිය ප්‍රදේශයෙන් පිටාර ගැලීමත් සමග මීට දින කිහිපයකට පෙර අඩි හයක් පමණ ජලයෙන් යටව පැවති සෝමවතිය පුද බිම 28 වෙනිදා සවස් වනවිට අඩි හතරක් පමණ එම ජලකඳ පහත බැස ඇති බව කොට්ඨාශ ආපද‍ා සහන සේවා නිලධාරී දිනේෂ් ඉන්දික මහතා පැවසීය.
(ලංකාදීප )

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories