2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:42
නවතම පුවත්

සේවක අර්ථ සාධක අරමුදලට කළමනාකරණ පද්ධතියක්

නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදලේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5 න් පමණ වන අතර, දායක මුදල් ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරී සේවා යෝජකයින් සංඛ්‍යාව 77,000ක් පමණ වේ.

2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.2 ක් වන අතර, පසුගිය වසර කිහිපය තුල එහි වත්කම් වල වාර්ෂික වර්ධනය 9%ට වඩා ඉහළ අගයක් වාර්තා කරමින් අඛණ්ඩ වර්ධනයක් ළඟා කර ගෙන ඇත. සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු සුමටව පවත්වා ගෙන යාම සඳහා විශාල ගනුදෙනු ප්‍රමාණයක් සැකසිය හැකි පරිශීලක ගිණුම් සහ දත්ත විශාල ප්‍රමාණයක් උපරිම කාර්යක්ෂමතාවකින් පවත්වාගෙන යාමට තරම් ශක්‍යතාවයකින් යුතු තොරතුරු තාක්ෂණ පද්ධතියක අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, නව සේවක අර්ථසාධක අරමුදල් කළමනා කරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ මූල්‍ය අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ 2021 වර්ෂයේදී ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, ඉන්දියාවේ PricewaterhouseCoopers Private Limitedහි උපදේශකත්වය යටතේ නව කළමනාකරණ පද්ධතියේ සැලසුම් සහ අවශ්‍ය පිරිවිතර සකස් කිරීම අවසන් කර ඇත.

එම කරුණු සැලකිල්ලට ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධති සම්බන්ධකයෙක් (System Integrator) තෝරා ගැනීම සඳහා ප්‍රසපාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories