2026 මාර්තු 25 බදාදා, 08:19
නවතම පුවත්

සෙවනගල සහ පැල්වත්ත සංචාරක මධ්‍යස්ථාන බවට පත්කරන්න සැලසුමක්

සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා සතු ඉඩම් හෙක්ටයාර 15,000කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් යටතේ සංචාරක මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමට රජය සැලසුම් කර තිබේ.

එම සීනි කර්මාන්තශාලා පරිශ්‍ර දෙක හෙක්ටයාර 15,000ක් පුරා පැතිරී ඇති අතර එහි ඇළ දොළ, විනෝදාත්මක පහසුකම් සහ අතහැර දැමූ බංගලා තිබේ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ මෙම වටිනා ඉඩම් විනෝදාත්මක හා සංචාරක ආකර්ෂණීය ප්‍රදේශ බවට පරිවර්තනය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් සිටින බවයි.

අලි ඇතුන් කෙරෙහි උනන්දුවක් දක්වන සංචාරකයන් සඳහා මෙම ප්‍රදේශ විශේෂයෙන් ආකර්ෂණීය බව ඔහු අවධාරණය කරයි.

උක් වගාවන් අලි ඇතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා කිලෝමීටර් 225කට ආසන්න විදුලි වැටවල් දෙකක් ද එම ප්‍රදේශයේ ඉදිකර තිබිණි.

වැට නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 430ක් පමණ වැය වන අතර සේවකයන් 500ක් පමණ එහි නඩත්තුව අධීක්ෂණය සඳහා යොදවා තිබිණි.

“මෙම පරිශ්‍ර දෙක උපායමාර්ගිකව පිහිටා තිබෙන්නේ. එක් පැත්තකින් ඇල්ලෙන් මායිම් වී අනෙක් පැත්තෙන් යාල සහ උඩවලව දක්වා විහිදෙනවා. මෙම ප්‍රදේශයේ ඓතිහාසික මාර්ග පද්ධතියකුත් තිබෙනවා,” යනුවෙන් ඇමැතිවරයා සඳහන් කරයි.

සංචාරක කලාප ලෙස භූමිය සංවර්ධනය කරන අතරතුර, සීනි නිෂ්පාදනය දිගටම පවත්වාගෙන යෑමට නියමිතය.

සංචාරකයන්ට සීනි නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට පවා හැකි වනු ඇති බව හඳුන්නෙත්ති ඇමැතිවරයා පවසයි.

මෙම සංක්‍රාන්ති සමයේදී කර්මාන්තශාලාවල වත්මන් සේවකයන් කිසිවෙකු සේවයෙන් පහ නොකරන බවට ද ඔහු සහතික වෙයි.

එහෙත් ඉදිරි වසර දෙක සඳහා කිසිදු නව සේවකයකු බඳවා නොගැනීමට තීරණය කර ඇත.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ සම්පූර්ණයෙන්ම රජයට අයත් ආයතනයක් වන ලංකා සීනි සමාගම (LSCL)විසින් 2011 නොවැම්බර් 11 වැනි දින 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනර්ජීවනය කිරීමේ පනත හරහා පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා සිය පාලනය පාලනය යටතට ගනු ලැබිණි.

මෙම තීරණය ගනු ලැබුවේ සීනි කර්මාන්තයේ ආර්ථික හැකියාව තක්සේරු කිරීමෙන් පසු එය පවරා ගැනීමට නිර්දේශ කළ කැබිනට් අනුකමිටුවක් විසින් කරන ලද සවිස්තරාත්මක අධ්‍යයනයකින් පසුවය.

2012 අගෝස්තු මාසයේදී සංස්ථාගත කරන ලද ලංකා සීනි සමාගම ස්වයං අරමුදල් සහිත සහ කාර්යක්ෂමව කළමනාකරණය කරන ලද සමාගමක් බවට පත්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

2023 දී රටේ සීනි අවශ්‍යතාවයෙන් 90%ක් ආනයනය කිරීම සහ එතනෝල් ආනයනය අඩු කිරීම සමාගමේ අරමුණයි.

2023 දී සීනි සහ එතනෝල් ආනයනයට රුපියල් බිලියන 127ක විදේශ විනිමයක් වැය වී තිබේ.

දේශීය ගොවීන්ට සහාය වෙමින් සීනි කර්මාන්තය වඩාත් තිරසාර හා ලාභදායී කිරීමට ලංකා සීනි සමාගම බලාපොරොත්තු වේ.

ලංකා සීනි සමාගමේ සභාපති ආචාර්ය රුක්ෂාන් ගුණතිලකට අනුව, ඉඩම් සංචාරක මධ්‍යස්ථාන බවට සංවර්ධනය කිරීම දුඹුරු සීනි නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට උපකාරී වනු ඇත.

පවතින යටිතල පහසුකම් සහ මානව සම්පත් මගින් රජය සමඟ හවුල් වී ලාභ බෙදා ගන්නා පෞද්ගලික ආයෝජකයන් ආකර්ෂණය කර ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

දේශීය වෙළඳපොලේ සුදු සීනි සමඟ වඩාත් තරඟකාරී කිරීම සඳහා දුඹුරු සීනි සඳහා දැනට යොදන බදු අඩු කිරීමේ අවශ්‍යතාව ද ආචාර්ය ගුණතිලක අවධාරණය කරයි.
(The Sunday Morning)

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories