සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති නිසා ඔවුනට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර ඇත.
නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරමින් සඳහන් කරයි ඇත්තේ නව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නොතකා කටයුතු කිරීමෙන් මෙම පිරිස අධිකරණයට අපහාස කර ඇති බවයි.
එනිසා ඔවුන්ට එරෙහිව විභාගයක් පවත්වා දඩුවම් නියම කරන්නයි ද පෙත්සම්කරු ඉල්ලා ඇත.